Posts

Showing posts from January, 2024

හානිය අවම කරගැනීම...

Image
මීට ටික කාලෙකට කලින් milo සමාගම කඩදාසි බීම බටය හදුන්වා දීමත් සමඟ මේ කතා බහ මුලින්ම කරලියට පැමිණියේ... "පරිසර හිතකාමී කඩදාසි බටය පොලිතින් කවරෙක දාලා එවලා" වැනි විවිද උපහාසාත්කම කතා නිතර නිතර සමාජයේ දක්නට ලැබුනු අතර මිනිසුන්ට එය විහිලුවක් විය. තවත් සමහරක් එය භාවිතා කිරීමට අපහසු බටයක් ලෙස අර්ථකථන කර තිබුනා ("බීලා ඉවර වෙන්න කලින් බටේ පෙඟිලා ඉවරයි"). කාලයත් සමඟ ඒ කතා බහ පහව ගිය අතර යලිත් වරක් එවැනි කතාබහක් මතුවූයේ ප්ලාස්ටික් යෝගට් හැදි තහනමත් සමඟ එයට ආදේශයක් වශයෙන් කාඩ්බෝඩ් හැන්දක් හදුන්වාදීමත් සමඟයි. "හැන්ද පරිසර හිතකාමී කළාට වැඩක් නෑ cup එක ප්ලාස්ටික් නේ" "යෝගට් එකෙන් බාගයක් කද්දී හැන්දත් කැවිලා" වැනි අදහස් වලින් යුත් විවිධ මතයන් ඉදිරිපත් විය... ඇත්තටම බැලුවොත් මේ අවස්ථා දෙකේදීම ඉදිරිපත් උන අදහස් ප් ‍ රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්... 1. ඉදිරිපත් උන පරිසර හිතකාමී ආදේශකයන් භාවිතයේ ඇති අපහසුතාව කියමින් මැසිවිලි නගන්නන්... 2. ඉදිරිපත් උන ආදේශකයන් පරිසර හිතකාමී නොවන්නේ යැයි සිතා උපහාසාත්කම මත පල කරන්නන්.... පළවෙනි කොට්ඨාසය ගැන කතා කිරීමෙන් ඵලක් නැ...